වෙළෙඳ නාම සහතිකයේ පිටපතක් ලබා ගැනිම.
බලපත්‍රය නැතිවී ඇති අවස්ථාවක
- ව්‍යාපාරයේ අයිතිය තහවුරු කර ගත හැකි වෙනයම් ලේඛනයක් ( බලපත්‍රය සදහා මුදල් ගෙවන ලද කුවිතාන්සියක් හෝ ව්‍යාපාරය වෙනුවෙන් වෙනයම් රාජ්‍ය ආයතනයකින් අවසරය/ නිර්දේශ ලබාගත් ලේඛනයක් ඉදිරිපත් කළ යුතුය
- එසේත් නොමැති නම් ව්‍යාපාරය කරගෙන යනු ලබන ප්‍රාදේශිය ලේකම් කාර්යාලයෙන් අදාළ ව්‍යාපාරයේ ලියාපදිංචිය පිළිබදව ලේඛන පරික්ෂා කරගත යුතුය. මේ සදහා ලේඛන පරික්ෂා කිරිමේ ගාස්තුවක් අයකෙරේ.
එම කරුණු මගින් ඔබගේ හා ව්‍යාපාරයේ අනන්‍යතාවය තහවුරු කරගත් පසු නියමිත ගාස්තු ගෙවා වෙළෙඳ නාම සහතිකයේ පිටපතක් ලබාගත හැකිය.
බලපත්‍රය හෝ එහි ජායා පිටපතක් ඇති අවස්ථාවක
- ඔබගේ හා ව්‍යාපාරයේ අනන්‍යතාවය තහවුරු කරගත් පසු නියමිත ගාස්තු ගෙවා වෙළෙඳ නාම සහතිකයේ පිටපතක් ලබාගත හැකිය.
ලේඛන පරීක්ෂා කිරීම සඳහා ඉල්ලුම්පත් ගාස්තු.
(I) .රු.250,000.00 හෝ ඊට වැඩි ව්‍යාපාර සඳහා රු. 500.00
(II).රු.250,000.00 අඩු ව්‍යාපාර සඳහා රු. 250.00
ලියාපදිංචි කිරීමේ සහතික පිටපතක් ලබා ගැනීම සඳහා ගාස්තු.
(I). රු.250,000.00 හෝ ඊට වැඩි ව්‍යාපාර සඳහා රු. 1000.00
(II).රු.250,000.00 අඩු ව්‍යාපාර සඳහා රු. 750.00