නිතර අසන පැණ
ව්‍යාපාරයක් සදහා වෙළෙඳ නාමය ලියාපදිංචිය ලබා ගැනිමට තිබිය යුතු මුලික අවශ්‍යතා ?
ව්‍යාපාරය ආරම්භ කර තිබිය යුතු අතර ව්‍යාපාරය අරඹා දින 90 කට පෙර ලියාපදිංචිය සදහා ඉල්ලුම් කළ යුතුය.
ව්‍යාපාරයක් සදහා වෙළෙඳ නාමය ලියාපදිංචිය ලබා ගැනිමට තිබිය යුතු අනිකුත් අවශ්‍යතා ?
- ව්‍යාපාරය කරගෙන යනු ලබන ස්ථානයේ අයිතිය තහවුරු කිරිමේ රජය පිළගත් ලේඛන (ඔප්පුව /දීමනා පත්‍රය හෝ බලපත්‍රය / බදු ඔප්පුව ආදිය)
- අයිතිකරුගේ හෝ අයිතිකරුවන්ගේ අනන්‍යතාවය තහවුරු කිරිම පිණිස ජාතික හැදුනුම්පත හෝ හැදුනුම්පත්
- ව්‍යාපාරයේ ස්වාභාවය අනුව ඒ ඒ ආයතන වලින් ලබා ගත යුතු නිර්දෙශ සහ අවසරයන් ( මෙය අයදුම්පත්‍රය අදාළ ප්‍රාදේශිය ලේකම් කාර්යාලය වෙත භාරදීමෙන් පසු කරගත හැකිය)
ව්‍යාපාරයක් සදහා වෙළෙඳ නාමය ලියාපදිංචිය ලබාගත යුත්තේ ?
ව්‍යාපාරය ආරම්භකර ඇති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මගිනි.
ව්‍යාපාරය සදහා වෙළෙඳ නාම සහතික පත්‍රයක් ලබා ගැනිම සදහා අදාළ අයදුම්පත්‍රය ලබා ගැනිම පිණිස නියමිත ප්‍රාදේශිය ලේකම් කාර්යාලට යෑම අනිවාර්යයද ?
නැත. අදාළ අයදුම්පත පිරවීම මෙම වෙබ් අඩවිය මගින් සිදුකොට නිවැරදිව පුරවන ලද අයදුම්පත මුද්‍රණය කොට ග්‍රාම නිලධාරිවරයා ලවා අදාළ නිර්දේශ ලබාගෙන නියමිත ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට භාරදිය හැකිය. ඉන්පසු ඔබ නැවත ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට යා යුතු වන්නේ වෙනත් රාජ්‍ය ආයතන වල නිර්දේශ ලබාගත යුතු නම් ඒවා භාරදීමට සහ අදාළ ගෙවීම් කොට වෙළෙඳ සහතික පත්‍රය ලබා ගැනිම සදහා පමණි.
ව්‍යාපාරය සදහා ඔබ කැමති වෙළෙද නාමයක් භාවිතා කළ හැකිද?
ඔබගේ ව්‍යාපාරය සදහා ඔබ කැමති වෙළෙඳ නාමයක් යෝජනා කල හැකි නමුත් දැනටමත් දකුණු පළාත තුළ ඔබ අදහස් කරනු ලබන වෙළෙඳ නාමය වෙනත් ව්‍යාපාරයක් සදහා ලබාගෙන ඇත්නම් ඔබ අදහස් කරනු ලබන වෙළෙඳනාමය ඔබට ලබා ගත නොහැකි වන අතර එවිට ඒ සදහා වෙනත් වෙළෙඳනාමයක් ඔබට භාවිතා කළ හැකිය
එමෙන්ම පහත සදහන් නාමයන් ද ඔබගේ වෙළෙඳ නාමය සදහා භාවිතා කළ නොහැකිය.
- ජනාධිපති හෝ ඒ ආශ්‍රිත වචන
- ජාතික
- ශ්‍රි ලංකා / ලංකා / Sri Lanka / Lanka / Ceylon
- ව්‍යාපාර නාම රෙජිස්ට්‍රාර් විසින් දැනුම් දෙනු ලබන වෙනත් වචන
- සංස්ථාව ( යම් ලිඛිත නිතියකින් අනුමත නොවු)
- රජය / රාජ්‍ය / දෙපාර්තමේන්තුව / අමාත්‍යාංශය
- මුදල්/ මූල්‍යකරණය/ මූල්‍ය
- ජාතික උරුමයන්ට අදාළ වන නාම
- පළාත් ව්‍යාපාර නාම රෙජිස්ට්‍රාර් හෝ ප්‍රාදේශිය ලේකම්වරයා විසින් අවසර ලබා නොදෙන නාමයන්
ව්‍යාපාරය සදහා දැනට ඔබ විසින් ලබාගෙන ඇති වෙළෙඳ නාමය වෙනස් කළ හැකිද ?
2019-04- 04 දින දකුණු පළාත් වෙළෙඳ නාම ප්‍රඥප්තිය ප්‍රකාරව ඔබ විසින් දැනට ලබාගෙන ඇති වෙළෙඳ නාමය මුළුමනින්ම වෙනස් කළ නොහැකිය. නමුත් ප්‍රාදේශිය ලේකම්වරයා එකඟවන සුළු වෙනස්කමක් සිදු කළ හැකිය
ව්‍යාපාරයේ ස්වාභාවය වෙනස් කළ හැකිද ?
හැකිය. නමුත් ඔබ දැනට කරනු ලබන ව්‍යාපාරයේ ස්වාභාවයට හාත්පසින්ම වෙනස් වු ව්‍යාපාර ස්වාභාවයක් ඇතුලත් කළ නොහැකිය. උදාහරණයක් ලෙස දැනට ඔබගේ ව්‍යාපාරයේ ස්වාභාවය ලෙස සදහන් කර ඇත්තේ ආහාර ද්‍රව්‍ය විකීණීම නම් ඒ සමග ගොඩනැගිලි ද්‍රව්‍ය විකිණීම ඇතුලත් කළ නොහැකිය.
ව්‍යාපාරයේ අයිතිය වෙනස් කළ හැකිද ?
හැකිය.
තනි පුද්ගල ව්‍යාපාරයක් හවුල් ව්‍යාපාරයක් බවට පත්කළ හැකිද ?
හැකිය.
හවුල් ව්‍යාපාරයක් තනි පුද්ගල ව්‍යාපාරයක් බවට සංශෝධනය කළ හැකිද ?
හැකිය. එවිට හවුල් ව්‍යාපාරයට සම්බන්ධ සියළු සාමාජිකයන්ගේ කැමැත්ත දිවුරුම් ප්‍රකාශයකින් ලබාගත යුතුය. එමෙන්ම තනි පුද්ගල ව්‍යාපාරයේ හවුල්කරුවා හවුල් ව්‍යාපාරයේ සාමාජිකයෙකු විය යුතුය.
ව්‍යාපාරික ස්ථානය සම්බන්ධයෙන් නිතිමය ගැටළු පවතින අවස්ථා වලදි වෙළෙඳ නාම ලියාපදිංචිය සිදු කළ හැකිද ?
ව්‍යාපාරික ස්ථානය සම්බන්ධයෙන් නීතිමය ගැටළු/ උසාවි ගත කරුණු පවතින අවස්ථාවකදී, එම කරුණු නිරාකරණය වීමෙන් පසු ව්‍යාපාර නාම ලියාපදිංචිය ලබා දීම සිදු කෙරේ.
ව්‍යාපර නාම ලියාපදිංචිය සදහා එක් දින සේවාවක් ක්‍රියාත්මක වේද ?
නැත.