Search for:

ව්‍යාපාර නාම සම්භන්ධ කොන්දේසි.

ලබාගන්නා ලද ව්‍යාපාර නාම ලියාපදිංචිකිරීමේ සහතිකය ඔබ විසින් ව්‍යාපාරය සිදුකරනුලබන ස්ථානයේ සියළු දෙනාට පෙනෙන ස්ථානයක ප්‍රදර්ශණය කළ යුතුය.

බලපත්‍රයේ සදහන් කරන ලද ව්‍යාපාර ස්වාභාවයට අනුගත වන පරිදි ව්‍යාපාරික කටයුතු සිදු කළ යුතුය.

ව්‍යාපාරය සම්බන්ධයෙන් වෙනත් රාජ්‍ය ආයතන වලින් නිර්දේශ / බලපත්‍ර / අවසර පත්‍ර / අනුමැතිය ආදිය ලබාගත යුතු නම් ඒවා ලබා ගැනිම ව්‍යාපාරිකයාගේ වගකීම වේ.

 මෙම සහතිකය වලංගු වන්නේ ව්‍යාපාරය සදහා වෙළෙඳ නාමය හා එහි ස්වාභාවය සහතික කිරිමේ ලේඛනයක් පමණක් ලෙස මිස ඉඩම් වල අයිතිය පෙන්විමට අදාළ වන ලේඛනයක් ලෙස හෝ වෙනත් යමක අයිතිය පෙන්වීමේ ලේඛනය ලෙස භාවිතයට නොගත යුතුය.

ව්‍යාපාරය අවසන් කළ පසු මාස 03ක් ඉක්ම යන්නට පෙර මෙම සහතිකය අදාළ ප්‍රාදේශිය ලේකම් කාර්යාලට භාරදිය යුතුය.

ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේදී අයකරන ගාස්තු.

ව්‍යාපාරය ලියාපදිංචි කිරීමේදී  ඔබ විසින් ව්‍යාපාරය සදහා යොදවන ලද  ප්‍රාග්ධනය හෝ පිරිවැටුම සැලකිල්ලට ගෙන තනි පුද්ගල ව්‍යාපාරයක් හෝ හවුල් ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීම සඳහා

(I).රු.250, 000.00 හෝ ඊට වැඩි ව්‍යාපාර සඳහාරු.2500.00
(II).රු.100,000.00 හෝ ඊට වැඩි ව්‍යාපාර සඳහාරු.1500.00
(III).රු.50,000.00 හෝ ඊට වැඩි ව්‍යාපාර සඳහාරු.1000.00
(IV).රු.50,000.00 අඩු ව්‍යාපාර සඳහාරු.500.00

ප්‍රමාද ගාස්තු අය කිරීම

  • I වන අවස්ථාව

ව්‍යාපාරය ආරම්භ කර දින 30 ක් ඇතුළත ව්‍යාපාර නාම ලියාපදිංචිය සදහා නියමිත ආකෘතිය මගින්  අදාළ ප්‍රාදේශිය ලේකම් කාර්යාලය වෙත ඉල්ලුම්පත ඉදිරිපත් කර ඇත්නම් ඒ සදහා ලියාපදිංචි කිරිමේ ගාස්තුවට අමතරව කිසිදු ප්‍රමාද ගාස්තුවක් අය නොකෙරේ.

  • I I වන අවස්ථාව

ව්‍යාපාරය ආරම්භ කර දින 31 ත් 90 ක් ඇතුළත ව්‍යාපාර නාම ලියාපදිංචිය සදහා නියමිත ආකෘතිය මගින්  අදාළ ප්‍රාදේශිය ලේකම් කාර්යාලය වෙත ඉල්ලුම්පත ඉදිරිපත් කර ඇත්නම්  ඒ සදහා ලියාපදිංචි කිරීමේ ගාස්තුවට අමතරව රුපියල් 2500.00 ක දඩ මුදලක් ප්‍රමාද ගාස්තු ලෙස අයකර ගත යුතුය.

  • I I I වන අවස්ථාව

ව්‍යාපාරය ආරම්භකර දින 91 ක්  ගත වු කිසිදු ව්‍යාපාරයක් ලියාපදිංචි කිරිමට හිමිකම නොලැබේ.