ඔබේ ව්‍යාපාර සඳහා වෙළෙඳ නාම ලියාපදිංචි කිරිමේ වැදගත්කම සහ ලබාදෙනු ලබන සේවාවන්
ඔබට ඔබගේ ජාතික හැදුනුම්පත, උප්පැන්න සහතිකය වැදගත් වන්නේ යම්සේද එසේම ඔබගේ ව්‍යාපාරය සදහා වෙළෙඳ නාම ලියාපදිංචි සහතිකය වැදගත් වේ.
ඔබ විසින් කරගෙන යනු ලබන ව්‍යාපාරයේ වෙළෙඳ නාමය සඳහා දකුණු පළාත් සභාව තුල නෛතික අවසරය ලැබෙනුයේ වෙළෙඳ නාමය ලියාපදිංචිය තුළිනි.
ඔබ කරගෙන යනු ලබන ව්‍යාපාර සදහා වෙළෙඳ නාමය ලබාගත් පසු එම වෙළෙඳ නාමය දකුණු පළාත් සභාව තුළ වෙනත් කිසිදු ව්‍යාපාරිකයෙකුට ලබා ගැනිමේ හෝ භාවිතා කිරිමේ හෝ නෛතික අයිතිවාසිකමක් නොලැබේ.
දකුණු පළාත් සභාව විසින් 1991 නිකුත් කරන ලද ගැසට් පත්‍රය සහ 2019 අප්‍රේල් මස 04 දින නිකුත් කරන ලද අංක 04 දරණ ගැසට් පත්‍රය ප්‍රකාරව දකුණු පළාත් සභා බල ප්‍රදේශය තුළ කරනු ලබන ඕනෑම ව්‍යාපාරයක් (සමාගම්ලෙස ලියාපදිංචි වන ව්‍යාපාර හැර) සදහා වෙළෙඳ නාමය ලියාපදිංචිය අනිවර්යය වේ. එසේ ලියාපදිංචි නොවු ව්‍යාපාරයක් (සමාගම්ලෙස ලියාපදිංචි වන ව්‍යාපාර හැර) නිත්‍යානුකූල නොවන ව්‍යාපාරයක් ලෙස සලකණු ලැබේ.
මෙසේ ඔබගේ ව්‍යාපාරය ලියාපදිංචි කිරිම මගින් ඔබගේ ව්‍යාපාරයේ දියුණුව සදහා බැංකු ණය පහසුකම් ලබා ගැනිම , බැංකු ගිණුම් විවෘත කිරිම, ලිසිං පහසුකම් ලබා ගැනිම සහ ව්‍යාපාරය සිදු කිරිම සදහා අත්‍යාවශ්‍ය වන නොයෙක් ආයතනය වල අවසරය ලබා ගැනිම පහසු වේ.
ඔබේ ව්‍යාපාරයේ වෙළෙඳ නාමය සම්බන්ධයෙන් ලබාදෙනු ලබන සේවාවන්
- තනි පුද්ගල ව්‍යාපාර ලියාපදිංචි කිරීම.
- හවුල් ව්‍යාපාර ලියාපදිංචි කිරීම.
- ලියාපදිංචි කරන ලද තනි පුද්ගල හා හවුල් ව්‍යාපාර වල වෙනස්කම් සංශෝධන සිදු කිරීම.
- අයිතිය සංශෝධනය
- ව්‍යාපාර නාමය සංශෝධනය
- තනි පුද්ගල ව්‍යාපාරයක් හවුල් ව්‍යාපාරයක් ලෙස සංශෝධනය
- හවුල් ව්‍යාපාරයක් තනි පුද්ගල ව්‍යාපාරයක් ලෙස සංශෝධනය
- ව්‍යාපාරයේ ස්වාභාවය සංශෝධනය
- හවුල් ව්‍යාපාරයේ හවුල්කරුවන් සංඛ්‍යාව වැඩි කර ගැනිම
- ව්‍යාපාර නාම අවලංගු කිරිම.
- වෙනත් ආයතන සදහා ඔබ ලබා ගන්නාලද බලපත්‍රයේ සත්‍ය අසත්‍යතාවය නිර්ණය කිරිමට www. ebrsp.com වෙබ් අඩවිය මගින් අවස්ථාව ලබාදීම.
- සංවර්ධන, සංඛ්‍යාලේඛන, ආරක්ෂක, නිතිමය කටයුතු සදහා රජයේ වෙනත් ආයතන වලට දකුණු පළාත් සභාව තුළ ක්‍රියාත්මක වන ව්‍යාපාර පිළිබදව තොරතුරු සැපයීම.